A4 leaflet — leaflet · poster · EN · සිං · தமிழ்

ADHD.lk

ADHD අය සඳහා නොමිලේ මෙවලම් සහ මඟපෙන්වීම්

ADHD කියන්නේ මොකක්ද?

නොමිලේ පාවිච්චි කරන්න — එකවුන්ට් ඕනේ නෑ, ගාස්තු නෑ, දැන්වීම් නෑ

⏳ අවධානය රඳවාගන්නා Timer එකPomodoro timer එකක් සහ brown noise, වැස්ස, මුහුදු රළ වගේ පසුබිම් ශබ්ද පාවිච්චි කරලා හොඳින් අවධානය යොමු කරමින් වැඩ කරන්න.
📌 අද දවසේ සැලසුමඅද දවසට වැදගත්ම වැඩ 3 තෝරන්න, ඔබේ මූඩ් (mood) එක සටහන් කරන්න, ඒ වගේම වැඩ ඉවර කරන ගමන් XP එකතු කරගෙන level up වෙන්න.
🔄 දෛනික පුරුදු සැලසුමඑක වැඩකින් තව වැඩකට මාරුවෙන එක ලේසි කරගන්න. පියවරෙන් පියවරට දිනචරියාව හදාගෙන, ඒක full-screen දාගෙන එකින් එක පිළිවෙලට කරගෙන යන්න.
🔥 හොඳ පුරුදු දාමයපොඩි පොඩි පුරුදු වලින් පැහැදිලි වෙනසක් දකින්න. දිනපතා සටහන් කරලා එක දිගටම පුරුදු පවත්වාගන්න — වැඩේ කරගෙන යද්දී හොඳ ඩෝපමින් (dopamine) එකකුත් දැනෙයි.
📔 මනස සැහැල්ලු කරන දිනපොතදිනපතා අලුත් මාතෘකාවක් එක්ක, කිසිම පීඩනයක් නැති නිදහස් ඉඩක්. ඔලුවේ දුවන සිතුවිලි නිදහසේ ලියලා දාලා, පොඩි පොඩි ජයග්‍රහණ ගැන සතුටු වෙන්න.
🌬️ සන්සුන් වන තැනහිතට ලොකු පීඩනයක් දැනෙනවද? 4-7-8 සහ box breathing වගේ හුස්ම ගැනීමේ රටා සහ ඉක්මනින් මනස සන්සුන් කරන 5-4-3-2-1 අභ්‍යාසය මේ සඳහා පාවිච්චි කරන්න.

නොමිලේ කළ හැකි ස්වයං පරීක්ෂණයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ASRS v1.1 ප්‍රශ්නාවලිය — ප්‍රශ්න 18යි, යන්නේ විනාඩි 5ක් විතරයි. ඔබේ පිළිතුරු ඔබේ ෆෝන් එකෙන් හෝ පරිගණකයෙන් පිටට යන්නේ නෑ. මේක මූලික පරීක්ෂණයක් මිසක්, වෛද්‍ය නිගමනයක් නෙවෙයි.

ලංකාව ඇතුළේ උදව් ලබාගන්න පුළුවන් තැන්

  • 1926 — ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව (නොමිලේ, පැය 24 පුරාම)
  • 1333 — CCCline, මානසික සහනය සඳහා
  • 1990 — ගිලන් රථ සේවය (හදිසි අවස්ථාවකදී)
  • සෑම දිස්ත්‍රික් මහ රෝහලකම සහ ශික්ෂණ රෝහලකම මානසික සෞඛ්‍ය සායනයක් තියෙනවා. එතනින් නොමිලේම ප්‍රතිකාර ලබාගන්න පුළුවන්.
adhd.lk

මේක වෛද්‍ය උපදෙසක් නෙවෙයි. ස්වයං පරීක්ෂණයක් කළාට ඒක රෝග විනිශ්චයක් වෙන්නේ නෑ — ඒ සඳහා වෛද්‍යවරයෙක් හමුවෙන්න.

ස්කෑන් කරන්න